Tweets by @Tweetsbysuku myblog: Good Health Habits - හොඳ සෞඛ්‍ය පුරුදු ටිකක්.

Facebook Fan Page

Monday, March 6, 2023

Good Health Habits - හොඳ සෞඛ්‍ය පුරුදු ටිකක්.


   Eat red onions - රතුළූණු ගෙඩියක්වත් දවසකට කන්න.
(සෙම තියෙන අයට විශේෂයෙන් හොඳයි, කොහොමත් විෂ බීජ නාශක)

  Eat Garlic - සුදු ළූණු කන්න. බික් එකක්වත් දවස් 3කට විතර වතාවක් කන්න.

( ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙන්න හොඳයි)


  Drink 2-3 Liters of water per day -
දවසකට අඩු තරමින් වතුර ලීටර් 2-3ක්වත් බොන්න. 1 වෙනි ලීටරය දවල් 12 වෙන්න කලින් බොනව නම් වඩා හොඳයි.


  Eat fruits as much as U can & better  before noon. 

ගොඩක් පලතුරු කන එක හොඳ දෙයක්, උදේම කන්න පුලුවන් නම් හොඳයි.

ඒවගේම වැඩියෙන් කන්න ඕන එළවළු, බත් ඇතුළු කාබෝහයිඩේට් ප්‍රමාණය වගේ 3 ගුණයක් එළවළු කන්න ඕන. පලතුරුත් එහෙමයි.


  If you are overweight, drink green tea within 30 min, after every meal..

( Cinnamon tea is also good)

ඇඟේ බර වැඩි නම්, හැම කෑම වේලකටම පස්සෙ ග්‍රීන් ටී 1ක් බොන්න. දවසට 4ක්වත් පුලුවන් නම් හොඳයි. කුරුඳු තේත් හොඳයි.


  After wake up take 1 spoon of Honey...

උදේ නැගිටලා පුලුවන් නම් මිපැණි තේ හැන්දක් බොන්න ( මීපැණි හොඳ ඒව වෙන්න ඕන)


  If you work hard, eat well, even rice is ok... bt if not eating so much rice will make u fat..

බත් වල වැඩියෙන් තියෙන්නෙ පිෂ්ඨය නිසා මහන්සි වෙන අය නම් බත් ගොඩක් කෑවට කමක් නෑ. නැත්නම් වෙන්නෙ මහත් වෙන එක. බඩක් වෙනම එන්නත් ඒක හේතු වෙන්න පුලුවනි. 


  Exercise more than 20 min, if walking more than 1-3 km, n better if could run. Swimming is also preferable..

එක්සයිස් කරනව නම්, විනාඩි 20ක්වත් කරන්න ඕන. ඇවිදිනව නම් අඩු ගානේ කිලෝමීටර් 1ක්/ දුවනව නම් වඩා හොදයි. පිහිනීමත් ගොඩක්ම හොදයි.

* Most importantly sleep at least 6  - 8 hours ...  this is serious.

අඩු තරමින් පැය 6ක්වත් නිදාගන්න එක අනිවාර්යයි. රෑ 10 වගේ ඉදන් උදේ 4 අතර අනිවාර්යයි.  

 ගොඩක්ම හුරු වෙලා ඉන්නෙ 12න් පස්සෙ නිදාගෙන 7 පස්සෙ ඇහැරෙන්න. ඒකෙ විපාක ලැබෙන්නෙ කාලයකට පස්සෙ...


  If you take alcohol, drink it in the afternoon. Don't drink at night...

මත්වතුර බොන කෙනෙක් නම් අඩු ගානෙ හවසටවත් බොන්න පුරුදු වෙන්න. රෑට බොන්න එපා. ගොඩක් අවයව විවේක ගන්නෙ රෑට. ඉතින් රෑට බිව්වම ඒවයෙ විෂ හරණය කරන්න ඒවා රෑ පුරා නැගිටගෙන ඉන්න ඕන. කාලයක් ඕක උනාම නිකන්ම  නරක් වෙනව.



No comments:

Post a Comment